ව්‍යාජ ආකාරයට මෝටර් රථ කිහිපයක් ලියාපදිංචි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද නිලධාරීන් 03 දෙනෙකු අද (26) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අය අතරින් නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදු කිරීම සඳහා දත්ත ඇතුළත් කිරීමේ චෝදනාව මතයි හිටපු සංවර්ධන සහකාරවරයෙකු (මාර්ග ආරක්ෂාව) ,
නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදු කිරීම සඳහා කවුළු අංක නිකුත් කිරීමේ චෝදනාව මත හිටපු විමර්ශන සහකාරවරයෙකු ,
නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව මතයි හිටපු සහකාර කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට ගත් අය අතර වෙයි..
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
