දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Sri lanka Institute of Information technology Guarantee Limited (SLIIT) විසින් රුපියල් මිලියන 20ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
ඊට අදාළ චෙක්පත SLIIT හි සභාපති/කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා සහ උපකුලපති/ කළමනාකාර අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරු විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදි පසුගියදා පිරිනැමීය.
