නිමල් රාජපක්ෂ
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා පොලීස් විශේෂ කාර්යය බලකාය හා එක්ව පසුගියදා කොළඹ වරායේ සහ රාගම පේරලන්ද ප්රදේශයේදී සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ සහ සන්තකයේ තබාගෙන සිටි විදේශීය දුම්වැටි දහසය දහසක (16000) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැණින.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා රංගල ආයතනය මඟින් කොළඹ වරාය පොලීසිය හා එක්ව කොළඹ වරායේ සිදුකල මෙහෙයුමකදී නිති විරෝධි ලෙස අළෙවි කිරීමට සූදානම් කල විදේශීය දුම්වැටි දහසක (1000) පමණ ප්රමාණයක් සමඟ එක් සැකකරුවෙකුද (01), ශ්රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනය, ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව රාගම පේරලන්ද ප්රදේශයේ සිදුකල මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා සිටි විදේශීය දුම්වැටි පහලොස් දහසක (15000) තොගයක් සමඟ එක් සැකකරුවෙකුද (01) වශයෙන් විදේශීය දුමවැටි දහසය දහසක (16000) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස කොටුකර ගැනීමට සමත්විය. .
තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 ක් සහ 65 ක් වන බෙලිඅත්ත සහ රාගම ප්රදේශයන්හි පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇති අතර, එම සැකකරුවන් සහ විදේශිය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලීසය වෙත සහ රාගම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
