නිමල් රාජපක්ෂ –
,
SLT-MOBITEL Games 2026 ක්‍රීඩා උළෙල, සමාරම්භක වැඩසටහනේ කොටසක් ලෙස, 2026 SLT-MOBITEL මලල ක්‍රීඩා ශූරතාවලිය 2026 ජූනි 20 වන දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්විණි.
ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි SLT-MOBITEL Games 2026 ක්‍රීඩා උළෙල, ක්‍රීඩාව සහ පොදු අරමුණක් තුළින් කාර්ය මණ්ඩල කණ්ඩායම්, එක් මිටකට එකතු කිරීම වෙනුවෙන්ම නිර්මාණය වුණු ක්‍රීඩා උළෙලකි. එසේම එකමුතුකමට අමතරව, කණ්ඩායම් හැඟීම සහ සෞඛ්‍ය සම්පන්න තරඟකාරිත්වයක් පවත්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමද මෙම ක්‍රීඩා උළෙලේ පරමාර්ථයන් වී තිබේ.
චාරිත්‍රානුකූල ධජය එසවීමෙන්, ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් විසින් සිදුකළ පිළිගැනීමේ කථාවන් වලින් මෙන්ම, බැලූන අහසට මුදාහැරීම සහ ඔලිම්පික් ගිනිසිළුව දැල්වීම වැනි සංකේතාත්මක ක්‍රියාකාරකම් වලින් වර්ණවත් වෙමින්, මෙම 2026 SLT-MOBITEL මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ විණි. ඉන් අනතුරුව සම්පූර්ණ මළල ක්‍රීඩා වැඩසටහනක දිගහැරුමකින් පසු, සන්ධ්‍යා කාලයේදී පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයෙන් මෙම උළෙල සම්පූර්ණ විණි.
ජවන සහ පිටිය ක්‍රීඩා ඉසව් සාර්ථකව නිම කිරීමෙන් පසු, බැඩ්මින්ටන්, ක්‍රිකට්, පාපන්දු, පිහිනුම්, වොලිබෝල්, චෙස්, කැරම් සහ නෙට්බෝල් ඇතුළු අනෙකුත් ප්‍රධාන ක්‍රීඩා තරගයන්, ඉදිරි සති කිහිපය තුළ පැවැත්වෙන්නට නියමිතව තිබේ. මෙය සැබවින්ම වඩාත් පුළුල් SLT-MOBITEL Games 2026 දින දර්ශනයේ කොටසකි.
සමස්තයක් ලෙසින් ගත් විට, මෙම ක්‍රීඩා උළෙලේ අංගයන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ කණ්ඩායම් හැඟීම සහ ක්‍රීඩාශීලිත්වය වර්ධනය කිරීමට පමණක් නොව, ජවසම්පන්න භාවයෙන් යුතු, ඕනෑම තත්වයකට මනාව ඔරොත්තු දීමේ ගුණයකින් සහ ඉහළ කාර්යසාධනයකින් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීමටද අරමුණු වී තිබිණි. මෙය, සෑම අයෙකුම එකට සම්බන්ධ කිරීමත්, සෑම ජීවිතයක්ම සුපෝෂිත කිරීමත් සම්බන්ධයෙන් පවතින SLT-MOBITEL ආයතනික දැක්මද ඉස්මතු කර පෙන්වයි. මෙම වැඩසටහනේ ඉලක්කය වන්නේ, යහපැවැත්මෙන්, සහයෝගීතාවයෙන් සහ මනා විනයකින් යුතු ආයතනික ආකල්පයක් ප්‍රවර්ධනය කිරීමත්, එලෙසින්ම ආයතනය පුරා සැමදෙනෙකුගේම ඔරොත්තු දීමේ හැකියාව සහ විශිෂ්ටත්වය සවිබල ගැන්වීමත් වේ.
SLT සහ Mobitel ආයතන නියෝජිතයන්ගෙන් සමන්විත SLT-MOBITEL 2026/27 ක්‍රීඩා කවුන්සිලය, SLT-MOBITEL මලල ක්‍රීඩා ශූරතාවලිය විධිමත්ව හා සාර්ථකව සංවිධානය කිරීම සඳහා මූලික සම්බන්ධීකරණ කාර්යභාරය ඉටු කරන ලදී. එසේම, SLT-MOBITEL සමූහය තුළ තිබෙන ක්‍රීඩා සංගම්වලට මෙම තරගාවලීන් සඳහා සහභාගී වීමට දිරිය සපයමින්, ඊට සහාය පළ කරමින්, සමූහයේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ අභිමානය සහ සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා SLT-MOBITEL දක්වන කැපවීම ද ක්‍රීඩා කවුන්සිලය විසින් ශක්තිමත් කරන ලදී.
SLT-MOBITEL, තම පවුලේ සියලුම සාමාජිකයින් යනු ආයතනයේ විශාලතම ශක්තිය බව තරයේ විශ්වාස කර සිටී. ඒ අනුව, SLT-MOBITEL හි සෑම අයෙකුම එකට සම්බන්ධ කිරීමත්, සෑම ජීවිතයක්ම සුපෝෂිත කිරීමත් පිළිබඳ දැක්ම SLT-MOBITEL Games 2026 ක්‍රීඩා උළෙල මගින් පිළිබිඹු කර සිටී. මෙම ක්‍රීඩා උළෙල මගින්, ආයතනයේ සියලුම කණ්ඩායම් සහ පසුබිම්වල සිටින කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට, එකම පවුලක් ලෙසින් එක්වීමට අවස්ථාවක්ද ආයතනය විසින් උදා කර දී තිබේ.
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
