නිමල් රාජපක්ෂ-
‘බලශක්ති කාර්යක්ෂමතාවය මඟින් සමුද්‍රීය මෙහෙයුම් සූදානම වැඩි දියුණු කිරීම: සමකාලීන උපායමාර්ගික අභියෝග සඳහා ප්‍රතිචාර දැක්වීම’ (Enhancing Maritime Operational Readiness Through Energy Efficiency: Addressing Contemporary Strategic Challenges) යන තේමාව පෙරදැරිව 11 වන වරටත් පැවැත්වුණු ‘Trinco Dialogue – 2026’ සම්මන්ත්‍රණය, අද දින (2026 සැප්තැම්බර් 01) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී සාර්ථකව නිමාවට පත්වුහ.
එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ සහභාගි විය.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව හදාරණු ලබන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද 11 වැනි ‘Trinco Dialogue – 2026’ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය, කොමදෝරු අධිකාරි තටාකංගනය (නැගෙනහිර) කොමදෝරු ප්‍රියංකර දිසානායක විසින් සිදුකෙරිණ.
සම්මන්ත්‍රණය සඳහා ත්‍රිවිද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවික ක්ෂේත්රයේ විද්වතුන් සහ කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් මෙවර තේමාවට අදාලව එහිදී නිබන්ධන ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව, ඉහල බලශක්ති කාර්යක්ෂමතාවයක් ළඟා කර ගැනීම සඳහා; තාක්ෂණය, මූලධර්ම, පුහුණුව, මෙහෙයුම් සැලසුම්කරණය සහ සැපයුම් ඇතුළත් ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාවය මෙන්ම, ඉන්දියානු සාගරයේ සමුද්‍රීය ආරක්ෂක පාර්ශවකරුවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ඵලදායී බලශක්ති කළමනාකරණයක අවශ්‍යතාවය මෙම සම්මන්ත්‍රණයේදී අවධාරණය කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මුලස්ථානය සහ නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ශ්‍රිලංකා යුද හමුදාවේ හා ගුවන් හමුදාවේ නිලධාරීන් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු වන නිලධාරීන් පිරිසක් සහභාගී වි සිටියහ
