WhatsApp මෘදුකාංගය මඟින් ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවිඩ යොමු කර පරිශීලකයන්ගේ WhatsApp ගිණුම් අනවසර ප්‍රවිශ්ඨයකට ලක්කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මේ දිනවල වාර්තා වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව විසින් දැනුම් දී ඇත.
මෙහිදී මෙම වංචාකරුවන් විසින් පරිශීලකයාගේ WhatsApp OTP අංකය රවටා ලබා ගන්නා අතර ඉන් අනතුරුව එම ගිණුමේ භාරකාරත්වය වංචාකරුවන් විසින් ලබාගෙන පරිශීලකයන්ගේ ගිණුමේ සිටින පුද්ගලයන් වෙත ව්‍යාජ පණිවිඩ යොමු කර මුදල් වංචා කිරීම සිදු කරන බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඒ අනුව මෙවැනි මුදල් වංචාවන් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍යව ඇත.
එබැවින් කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයක් වෙත තම අන්තර්ජාල ගිණුම් වල OTP අංකයන් ලබා නොදීමට කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.
