සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” නව්‍ය වැඩසටහන යටතේ වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායනය වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද (09) දකුණු පළාතේ මාතර වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හල්ලල බෝධිරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විණි.
මෙම ජංගම සුව සායනයෙන් සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා කොක්මාදුව, හල්ලල, වැලිපිටිය, උඩුකාව, වැලිවිඳ යන අවට ගම්මානවල දහසකට අධික ජනතාවක් එක්ව සිටියහ.
අක්ෂි සායනය, දන්ත සායනය, දියවැඩියා, ශ්වසන පද්ධතියට අදාළ රෝග පරීක්ෂා කිරීම, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර, මානසික උපදේශක සේවා, පෝෂණවේදී උපදෙස් ලබාදීම ආදී වෛද්‍ය සායන 10 කට අධික ප්‍රමාණයකින් මෙම ජංගම සායනය සමන්විත විය.
කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රදේශය අවට රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් මෙන්ම කණිෂ්ඨ කාර්ය මණ්ඩල පිරිසක් තමසේවා දායකත්වය මෙම ජංගම සුව සායනය සදහා ලබා දෙන ලදි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම ජංගම සුවසායනය පැවැත්වුණ අතර, ජනතාවගේ සුවතාවය උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
“ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන අඛණ්ඩව ක්රියාක්මක කරන බවත්, රජය විශාල පිරිවැයක් දරමින් කිසිදු මුදල් අයකිරීමකින් තොරව පවත්වන මෙවැනි ජංගම සායනයන් තුළින් ජනතාවට ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාගත හැකි බව ද පැවසීය.
