Spread the love

නිමල් රාජපක්ෂ-

තලෙයිමන්නාරමට උතුරු දෙසින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව (IMBL) උල්ලංඝනය කරමින් අනවසර මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් නවදෙනෙකු (09) අද ( 22) සන්ධ්‍යා කාලයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව, මෙම මෙහෙයුම අතරතුරදී ඉරණතිව් දූපතට දකුණු දෙසින් පිහිටි ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා පනහකට (50) අධික සංඛ්‍යාවක් අනවසර මසුන් ඇල්ලීමේ නිරතව සිටින බව නාවික හමුදාව නිරීක්ෂණය කොට ඇති අතර, අනුව ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගත් අතර, එහි සිටි ඉන්දීය ධීවරයින් නවදෙනෙකු (09) ද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

තවද, අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සහ නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂකවරයා වෙත භාර දෙන ලදී.