හැව්ලොක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් නීති විරෝධී අයුරුන් අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවන් 58 දෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත..
සැකකරුවන් අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනෙකු විමර්ශන නිලධාරීන් පොලීසිය පැවසුවේ ඔවුන් සියලුදෙනා ශ්‍රී ලාංකිකයින් බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා,
ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලයකින් තමයි මේ පිළිබඳ පැමිණිල්ල ලැබී තිබුණේ. කොරියාවේ සිටින කොරියානු ජාතිකයෙකුගේ මුදල්… ශ්‍රී ලංකා මුදල් වටිනාකමින් ගත්තොත් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වංචා කර තිබෙනවා කියලා බවයි.
ඒ අනුව ඊයේ මෙම ස්ථානය වටලනු ලැබුවා. රුපියල් ලක්ෂ 90වකට වැඩි මුදලක් මාසික කුලිය විදියට ගෙවමින් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා.
පසුව අනාවරණය වුණා මෙය අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ලකන කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන බව.
මෙහි අධ්යක්ෂවරියක් ලෙස කටයුතු කරන කොළඹ 07 පදිංචි 52 හැවිරිදි කාන්තාවක් සහ කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන රාගම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටිනවා.
තවත් පුද්ගලයන් මේකට සම්බන්ධ බවට තොරතුරු ලැබුණා. විදේශීය රටක විදේශිකයන්ගේ මෙහෙයවීම් මත මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු තිබෙනවා. ඔවුන්ගේ ඉලක්කය විදේශීය රටවල සිටින ජාතිකයන්. බවයි.
