නිමල් රාජපක්ෂ
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය, මාලදිවයින, නේපාලය යන රාජ්‍යයන්හි ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මහතා අතර රාජ්‍ය තාන්ත්‍රික හමුවක් බත්තරමුල්ල, කොස්වත්ත, ‘මග නැගුම මහමැදුර’ හි පිහිටි මහාමාර්ග අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
විශිෂ්ට ජන වරමකින් බලයට පත් වත්මන් රජය ගෙනයන විනිවිදභාවයෙන් යුතු, අදූෂිත රාජ්‍ය පාලනය තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සහ ඉදිරි කාලයේ මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳ ස්වීඩන් තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
