Spread the love

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14 ක පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

අර්ධ නිවාස හානි 2,710 ක් ද වාර්තා වන බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයන් මත මෙම දිස්ත්‍රික්කයේ පවුල් 375ක සමාජිකයන් 1436 දෙනකු අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.

දැනට දින කිපයක සිටම මෙම දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයන් මත සිදුව ඇති ආපදාවන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එකි ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරියකු මේ බව පවසන ලදි.

පසු ගිය 28වන දින සිට 31වන දින දින සවස දක්වා කාලය තුලදි මෙම දිස්ත්‍රික්කයේ නිවාස 345කට අර්ධ හානි සිදුව ඇති බවත් තිදෙනකු තුවාල ලබා ඇති බවද අවතැන්වු පිරිස් සදහා ආරක්ෂක මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර ඇති බවද පැවසිය.

නුවරඑළිය රදැල්ල සමර්සෙට් වතුයායේ වතු නිවාස පේලියක් නායයාමේ තර්ජනයටකට ලක්විමෙන් එහි පවුල් 28ක සමාජිකයන් 120 දෙනකු එම වතුයායේ විදුහලක ස්ථාපිත කර ඇති ආරක්ෂක මධ්‍යස්ථානයේ රදවා ඇති බවත් නොර්වුඩ් වනරාජ ආරක්ෂක මධ්‍යස්ථානයේ පවුල් 02 සමාජිකයන් 08ක්, කොත්මලේ ආරක්ෂක මධ්‍යස්ථානයක පවුල් 05 සමාජිකයන් 18ක්, නුවරඑළිය පේරකුඹුර ආරක්ෂිත මධ්‍යස්ථානයේ පවුල් 05ක සමාජිකයන් 18ක් වශයෙන් පවුල් 40ක සමාජිකයන් 164 දෙනකු ආරක්ෂක මධ්‍යස්ථාන 04ක් තුල රදවා ඇති බවත්ය.

එමෙන්ම අවතැන්වු පිරිස් අතරින් පවුල් 70ක සමාජිකයන් 304 දෙනකු ඔවුන්ගේ ඥති නිවාසවල රැදි සිටින බව අ2න් පිරිස් එම ස්ථානවලම රැදි සිටින බව පැවසු එම නිලධාරියා නුවරඑළිය දිස්ත්‍රිකයේ සිදුවිය හැකි ආපදාවන් දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානය දැඩි විමසිල්ලෙන් සිටින බවද වැඩි දැඩි විමසිල්ලනේ සිටින බවද වැඩි දුරටත් පැවසිය.