Spread the love

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සදහා ලබන 08 වැනිදා සිට 20 වැනිදා දක්වා අතිරේක බස්රථ 500 ක් යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න සඳහන් කරයි

කොළඹ, කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට අතිරේක බස් ගමන් වාර ධාවනයට එක් කරන බවයි සභාපතිවරයා සදහන් කලේ

ගම්බිම් බලා යන ජනතාවට ලබන 10 වැනිදා සිට අතිරේක දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල , බෙලිඅත්ත, ත්‍රිකුණාමලය, අනුරාධපුරය ඇතුළු ගමනාන්ත කිහිපයක් සඳහා එම දුම්රිය ගමන් වාර යොදවන බවයි වැඩිදුරටත් සඳහන් කළේ