Spread the love

නිමල් රාජපක්ෂ –

තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් ලක්ෂ අසුවක් වටිනා විදේශීය සිගරැට් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු රද්දොළුව ප්‍රදේශයේ ඊයේ (8) කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒ කකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිගරැට් තොගයේ මැන්චෙස්ට වර්ගයේ විදේශීය සිගරැට් කාටුන් 250 ක් එහිසිගරැට පනස් දහසක්(50 000) තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරොෂ් ජයකොඩි මහතා පවසයි.
මෙම වැටලිමේදී එක් සැකකරුවකු සිගරැට් කාටුන් එකක් සමගින් සීදුව දැපහේන ප්‍රදේශයේදි ඊයේ අත්අඩංගුවට ගත් අතර ඹහුගෙන් ප්‍රශ්න කිරිමේදි සිගරැට් ගබඩා කර තිබු නිවසක් සීදුව රද්දොලුව ප්‍රදේශයෙන් සොයා ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වි ඇත.
මෙම සැකකරුවන් ඉතා සුක්ෂම අයුරින් විදේශීය සිගරැට් වරායෙන් ගෙන අයගෙන් අරගෙන ජාවාරම සිදු කරන බවද ප්‍රශ්න කිරීමේදී හෙලිවි තිබේ
අදාල සිගරැට්තොගය වෙළද පලේ අලෙවි වුවානම් රජයට රුපියල් ලක්ෂ හැටක පමණ අදායමක් අහිමි වන බවද නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (09) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිප පත් කිීරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා එක් සැකකරුවකුට ලක්ෂ පහක දඩ මුදලකුත් එනෙක් සැකකරුට රුපියල් තිස්පන්දහසකුත් යනුවෙන් දෙදෙනාට රුපියල් පන්ලක්ෂ තිස්පන් දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියම කළහ..

සුරාබදු කොමසාරිස් ජෙනාරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ . යන මහත්වරුන්ගේ උපදෙස් මත, කොළඹ සුරාබදු විශේස මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී පී.එන්. හේමන්ත මහතාගේ මෙහෙය වීම මත , කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක නිරෝෂ් ජයකොඩි මහතාගේ අධීක්ෂණයෙන් සුරාබදු සැරයන් මේජර් ලොකුපිටිය , නියාමක වරුන්වන චමින්ද , නිශ්ෂන්කන් , ශාන්ත පෙරේරා, රියදුරු දුම්න්ද යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
වීඩියෝව නරඹන්න