නිමල් රාජපක්ෂ
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා, ඊයෙ (22) පස්වරුවේ කැලණිය ආසනයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
වැඩනිම වූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පවරාදීමද එම අවස්තාවේදී සිදු කලේය
ඒ අතර කැලණිය ඊරියවැටිය, සාප්පුවත්ත දෙනිමුල්ල මාර්ගයේ වැඩ අවසන් වූ පාලම ජනතා අයිතියට පැවරීම, නිවාස සංවර්ධන අධිකාරිය මගින් අඩු ආදායම් ලාභී පවුල සඳහා ක්‍රියාත්මක “තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්” නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද නිවසක් නිවාස ලාභී පවුලට ලබාදීමද සිදු වෙයි.
අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ මැදපෙරදිග උත්ගතව ඇති යුදමය තත්වය දිර්ඝ කාලීනව පැවතුනහොත් එහි ඝෘජු හා වක්‍ර බලපෑම් අපේ රටේ ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැනිය හැකි බවයි. කිසිසේත් එය වලක්වා ගැනීමට නොහැකි බවත් තත්වය පාලනය කිරීම සඳහා රජය නිරන්තරයෙන් ඒ පිළිබඳව අවධානයෙන් මෙන්ම සැලසුම සහිතව සිටින බවද අමාත්‍ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් සඳහන් කලේය
මෙම තත්වය අවබෝධ කරගෙන සියළුදෙනා කටයුතු කළ යුතු බවත්, කිසිම අයුරකින් කලබලයට පත්විය යුතු නැති බවත් පැවසුවේය.
මෙම අවස්තාවට කැලණිය ප්‍රාදේශීය සභා සභාපති සඳුන් යාපා මහතා, ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, ප්‍රදේශවසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සසිටියහ .
