පවතින කැබිනට් මණ්ඩලය සංශෝධනයක් කිරීමක් සම්බන්ධයෙන් තමන්ට තොරතුරු ලැබී නැතැයි කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කරයි.
වර්තමාන කැබිනට් මණ්ඩලය තමන්ට පවරා ඇති රාජකාරී ඉතා හොඳින් සිදුකරන නිසා කැබිනට් සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නොවනු ඇති බවද ඔහු පැවසීය.
වර්තමාන අමාත්‍යවරුන් තමන්ගේ වගකීම් හොඳින් ඉටු කරමින් වංචා දූෂණ චෝදනාවන් කිසිවකට ලක් නොවී නිසි ලෙස වගකීම් ඉටු කිරීමේ යෙදී සිටින නිසා කැබිනට් සංශෝධනයක් මේ මොහොතේ සිදුවේ යැයි විපක්ෂය පවසන ප්‍රකාශයන් සත්‍ය නොවන බවද ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කළේ රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
