නිමල් රාජපක්ෂ-
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස බෝට්ටු මගින් මෙරටට ගෙන්වු තෙන්ඩු කොළ තොගයක් සමගින් එක් සැකකරුවකු ආරච්චිකට්ටුව ප්‍රදේශයේදි ඊයේ (15 ) රාත්‍රියේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් අත්අඩංගුව ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තෙන්ඩු කොළ තොගයේ තෙන්ඩු කොළ කිලෝග්‍රෑම් 790 ක් තිබු බව කොළඹ සුරාබදු විශේෂ මහෙයුම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරික්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.
මෙම තෙන්ඩු කොල නිත්‍යාණුකූලව ආනයනය කලේ නම් කිලෝවක් සදහා රුපියල් 6200 .00 බදු මුදලක් අයකරනු ලැබේ. යම් හෙයකින් මෙම තෙන්ඩු කොල තොගය රට තුළට ගියේනම් , බීඩි නිෂ්පාදකයිනට ගියේ නම් , මේ තුළින් රටට රුපියල් 48 98 000/බදු මුදුලක් අහිමි වනු ඇත.
වීඩියෝව නරඹන්නමුහු
මෙම බදු මුදල නොගවො රට තුළට බෝට්ටු මගින් තොන්ඩු කොල ප්‍රවාහනය දිගින් දිගටම සිදු කරනු ලබනේ මාලු බෝට්ටු කරුවනු බවත්, ඹවුන් මාළු ඇල්ලිම නතර කොට මාළු බෝට්ටු මගින් තෙන්ඩු කොල ජාවාරම සරුවට කරන බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ.පේමරත්න මහතා වෙත අද (16) ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිලිගත් සැකකරුට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස නියම කළේය.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත , සුරාබදු අධිකාරි පී.එන් .හේමන්ත මහතාගේ අධීක්ෂණය යටතේ , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් මේජර් වයි.ඒ.ඒ.සී.කුමාර , නියාමක 694 ආර්.ඒ.ඩී.කේ .රත්නසේකර ,1198 ඩී.පී.එස් එන් සිලවා ,නියාමක රියදුරු බී.ඊ..හරිස්චන්ද්‍ර වන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.
