නිමල් රාජපක්ෂ
මාතර කිරිකැටිය , ගාල්ල අහංගම යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමකදි නිති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව ආපනශාලාවල සවිකර තිබු රුපියල් ලක්ෂ විසිපහක් වටිනා බියර් අලෙවිකිරිමේ (KEG MACHINE) (බියර් විදුරු වලට ලබා දෙන) මැෂින් 4 ක් සිලින්ඩර හා උපකරණ තොගයක් සමගින් සැකකරුවන් හතර දෙනෙකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් ්‍ඊයේ (15) අත්අඩංගුවට ගත් අතර මෙහිදි බලපත්‍ර නොමැතිව බියර් අලෙවි කිරීමට හා අදාල උපකරණ පිළිබදව වෙනම විමර්ශනයක් සිදු කරන බවද කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරි පී.එන් .හේමන්ත මහතා පවසයි.
අදාල සැකකරුවන් සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර ඉදිිරියේදි අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන් .ඒ .පේමරත්ත මහතාගේ උපදෙස් මත , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් වරුන්වන තිස්ස කුමාර රාජපක්ෂ .එම්.ජයන්ත ද සිල්වා යන මහත් වරුන්ගේ අධීක්ෂණය යටතේ , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරි පි.එන් හේමන්ත , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි , පරික්ෂකවරුන්වන නිශාන්ත , ඩයස් , ජයවීර , යන මහත්වරු නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම වැටලිම සිදු කළහ.
