Spread the love

ඉන්දීය හා පාකිස්ථාන හමුදා කණ්ඩායම් අතර වෙඩි හුවමාරුවක් ඊයේ රාත්‍රියේ ඇති වී තිබේ.

ඒ ජම්මු කාශ්මීර දේශසීමාවේදීය.

පාකිස්තාන හමුදාව විසින් පළමුව ඉන්දීය මුරපොලවල් වෙත වෙඩි තබා ඇති බවත් පසුව ඉන්දියා හමුදාවද ප්‍රතිප‍්‍රහාර එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තබාගැනීමලින් කිසිවෙකුට හානියක් සිදුවී නැත.

පහල්ගම් ප්‍රහාරයෙන් පසුවල දේශසීමා ත්‍රස්තවාදයට සහාය දක්වන බවට චෝදනා කරමින් ඉන්දියාව පාකිස්තානයට එරෙහිව දැඩි ප්‍රතිචාර මාලාවක් ආරම්භ කර ඇත.

1960 සිට ක‍්‍රියාත්මක ජල ගිවිසුම අත්හිටුවීමට ඉන්දියාව තීරණය කළ අතර ඒකාබද්ධ අත්තාරි මුරපොල වසා දමා ඇත.

ඉන්දියාව පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු ද නීත්‍යානුකූල නොවන පුද්ගලයින් ලෙස ප්‍රකාශයට පත් කළ අතර සතියක් ඇතුළත රට හැර යන ලෙස ඔවුන්ට උපදෙස් දුන්නේය.

සාර්ක් වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ නිකුත් කරන ලද සියලුම වීසා බලපත්‍ර අවලංගු කර ඇති අතර පකිස්ථාන ජාතිකයින්ට ඉන්දියාවෙන් පිටවීමට පැය 48 ක කාලයක් ලබා දී තිබේ.