Spread the love

නිමල් රාජපක්ෂ 

නිල සංචාරයක් සඳහා පසුගියදා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් ‘INS TIR’, ‘INS SUJATA’ සහ ‘ICGS SARATHI’ නෞකාවන්ගේ කාර්ය මණ්ඩල ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව සිදුකළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්, අද දින (2026 ඔක්තෝබර් 27) කොළඹ ගාලු මුවදොර ආශ්‍රිත වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සාර්ථකව පවත්වනු ලැබීය.  

ඒ අනුව, මෙම වෙරළ පිරිසිදු කිරී‍මේ වැඩසටහන සඳහා ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකාවන්ගේ නැව් මුළු සහ බටහිර නාවික විධානයට අයත් නාවික හමුදා පුද්ගලයින් පිරිසක් මෙන්ම පුහුණුවන නිලධාරින් පිරිසක් සහභාගි වූ අතර, ගාලු මුවදොර වෙරළ තීරය ආශ්‍රිතව විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක් රැස් කර, පරිසරයට හානි නොවන අයුරින් නිසි ලෙස බැහැර කිරීම, එහිදී සාර්ථකව සිදුකරනු ලැබීය.