නිමල් රාජපක්ෂ-
ගාල්ල ,හියාරේ රක්ෂිතය , වලස්මුල්ල, මිද්දෙනිය , අම්බලන්තොට, තිස්සමහාරාම හා වෙරළබඩ යන ප්‍රදේශවල සිදු ක ල සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධී මත්පැන් ජාවාරමේ නිතර සැකකරුවන් 767 ක් වටලා රුපියල් කෝටියක් වටිනා මත්පැන් තොගයක් අත්අඩංගුවට ගත් බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
මෙම සෝදිසි මෙහෙයුම් දියත් කර තිබුනේ මේ වසරේ ජනවාරි මස 1වැනිදා සිට පුනි මස 30 වැනිදා දක්වායි. අදාල හයමාසය තුළ සුරාබදු දෙ පාර්තුමේන්තුව මගින් ග්‍රහන 500 ක් සිදු කල යුතු බවට ග්‍රහන ඉලක්කයක් ලබා දි තිබුණද සුරාබදු නිලධාරීන්ගේ දැඩි කැපවිම හා උනන්දුව මත ලබා දුන් ග්‍රහන සංඛ්‍යාව ඉක්මවා වැඩි පුර ග්‍රහන 267 ක් සිදු කර තිබිණ.
දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් එක්කය ආරම්භයේ සිට මේවැනි වැටලිම් සිදු කල ප්‍රථම අවස්ථාව මෙය බවද දුකුණු පලාත් සුරාබදු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිවරයා පැවසුවේය.
මෙහිදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 49 ක් වටලා සැකකරුවන් 49 දෙනෙකු සමගින් කසිප්පු තොගයක් , ගෝඩා විශාල ප්‍රමානයක් , දගර 49 ක් හා උපකරණ තොගයක් ද , කසිප්පු ලග තබාගෙන සිටි සැකකරුවන් 335 දෙනෙක්ද අත්අඩංගුවට ගැනිමට සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.
මීට අමතරව වෙරළබඩ ප්‍රදේශ වන ගාල්ල , වැලිගම ,මිරිස්ස හා හිරිකැටිය යන ප්‍රදේශ වල සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි බලපත්‍ර නොමැතිව විදේශීය ම්ත්පැන් අලෙවිකල ආපනශාලා 305 ක් කොටුකර ගෙන තිබිණ.

අදාල සැකකරුවන් ගාල්ල , මාතර හා හම්බන්තොට යන අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් අසුලක්ෂයක දඩ ආදායමක් රජයට ලබා දීමට දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් සමත්වී ඇත.
බලපත්‍ර ලත් හෝටල් ආපශාලා හා රටබීම හල් දහයක් බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කිරිමේදි ඹවුන්ට විරුද්දව කාර්මික අපරාධ වාර්තා ඉ දිරිපත් කර දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයාවෙත ඉදිරිපත්කොට අදාල බලපත්‍ර ලාභීනේගේ පෙරවැරදි සලකා බලා සමථ ගාස්තු අයකර ගෙන තිබිණ.
අදාල කාලසීමාව තුළ මත්පැන් නිවාරණ වැඩ සටහන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ,ගාල්ල දුම්රියපල හා ගාල්ල නගරය ආශ්‍රිතව දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදීමක් සිදු දු කොට පාසල් දරුවන් දැණුවත් කිරීම් ද සිදු කොට තිබේ.
පොසොන් උත්සව සමය වෙනුවෙන් විශේෂ ග්‍රහන වැඩසටහන්ද සිදු කොට මත්ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගැනීමට පියවර ගෙන තිබිණ. .
දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් මත,දි ගාල්ල සුරාබදු අධිකාරි වසන්ත සමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති මංජුල ලියනආරච්චි මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂකවරුන්වන ලියනආරච්චි, පෙරේරා, කල්‍යානප්‍රිය, සම්පත්, සැරයන් මේජර් හේමපාල, සැරයන් ප්‍රේමකුමාර, කෝප්‍රල්වරුන්වන ඉන්දික, හර්ෂනාත් ,දිසානායක , නියාමකවරුන්වන ප්‍රියංකර, බුලත්සිංහල, මධුශංඛ, නියාමිකා එරංගි, නියාමක රියදුරන්වන ලක්මාල්, චන්දන යන නිලධාරීහු මෙම වැටලිම් සිදු කළහ.
