Spread the love

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම්ගත රැකියා පටිපාටියෙහි පවතින ගැටළු පිළිබඳව සාකච්ඡාවක් ඊයේ ( 01) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්, ඊශ්‍රායල් රජයේ ජනගහනය හා සංක්‍රමණික අධිකාරියෙහි (PIBA) නිළධාරීන් සමඟ පැවැත්වුණි.

මෙම සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමුකරන ලදී.

ඊශ්‍රායල්  සාත්තු සේවක සේවිකාවන් බඳවා ගැනීමේ දී අතරමැදි පුද්ගලයන් විසින් කරනු ලබන බලපෑම්, මුදල් ඉල්ලීම්, මුදල් වෙනුවට ඉඩම් හෝ දේපල පවරා ගැනීම හා අයථා මුදල් ඉල්ලීම, පැමිණ සිටින සාත්තු සේවිකාවන්ට කරන යුතු බලපෑම්  ආදි  පැමිණිලි  පිළිබඳව සාකච්ඡා කෙරුණි.

තවද බදවාගැනීම් පටිපාටියට මැදිහත්වන මෙම අතරමැදි වංචනික පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. මෙහිදී නියෝජ්‍ය ඇමතිවරයා  සදහන් කළේ  එවැනි පුද්ගලයන්ට විරුද්ධව ආපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හරහා පරීක්ෂණ සිදු කරන බවත් වඩා විනිවිදභාවයකින් සාත්තු සේවිකා බදවා ගැනීම් පටිපාටිය ක්‍රමවත් කරන බවයි.

තවද, ඊශ්‍රායලයේ  හොටල් රැකියා අංශයෙහි පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කළ අතර, එහිදී ලැබුණු ධනාත්මක ප්‍රතිචාර මත මේ සදහා ඉක්මන් විසදුමක් ලබා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම පිළිබවද අවධානය යොමු විය.