Spread the love

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ඒ අනුව මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව ඊශ්‍රායල ආරක්ෂක අධිකාරිය අනතුරු අඟවා ඇති බවත්  ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් මෙම තත්ත්වය හමුවේ එල්ල විය හැකි ප්‍රහාරවලින් බේරීම සඳහා ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසයි තානාපතිවරයා ඉල්ලා සිටින්නේ.

මේ අතර පසුගිය 20 වැනි දින රාත්‍රීයේදී TABA දේශසීමාව  හරහා ශ්‍රී ලංකාව වෙත පිටත්වීමට ඊජිප්තුවට ඇතුල් වූ ශ්‍රී ලාංකිකයින් හතර දෙනාගෙන් වලංගු ඊශ්‍රායල් වීසා නොමැතිව සිටි පිරිස හේතුවෙන් පැය කිහිපයක් රඳවාගෙන ප්‍රශ්න කර තිබුණද පසුව ඔවුන් පිටත්කර යැවීමට කටයුතු කර ඇත.