Spread the love

නිමල් රාජපක්ෂ –

එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරි ජෙනරාල් Kevin Schneider අද (2026 ජුනි 23) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.   

ඒ අනුව, ජෙනරාල් Kevin Schneider වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා, නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ ජෙනරාල් Kevin Schneider, කලාපීය ස්ථාවරත්වය හා ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වූ ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳ සාකච්ඡා කෙරිණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි