උපතිස්ස පෙරේරා
ශ්රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා එක්ව, පුත්තලම සාලියවැව ඊයේ ( 22) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී විදේශීය කංසා කිලෝග්රෑම් දෙකක (02) පමණ ප්රමාණයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ, පණ්ඩුකාභය ආයතනය, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එක්ව පුත්තලම සාලියවැව ප්රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්ෂාවට ලක්කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන පුත්තලම සාලියවැව ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, විදේශීය කංසා තොගය සහ යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා සාලියවැව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි
