නිමල් රාජපක්ෂ-
දුම්රිිය ධාවනයේදි විශාල ගැටලු රාශියක් දුම්රිය දෙපාර්තුමේන්තුවේ තිබෙන බැවින් ඒවාට කඩිනමින් විසදුම් ලබා දීමට දින වකවානු අනුව ලබා දී ඇති බැවින් ඒවා ක්‍රියාත්මක කරන්න බැරි නිලධාරින් සිටි නම් අස්විමේ ලියුම දි යන්නැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසාන්න කුමාර ගුණසේකර මහතා පවසයි.
මන්ද ජනතාවට හොද ප්‍රවාහන සේවාවක් සැපයීම සදහා මොන ආකාරයෙන් ද ක්‍රියාත්මක කරන්නේ යනුවෙන් මාස හයක කාලයක් බලා සිටියා නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් අරගෙන නොමැති බැවින් ඉදිරියේදි දුම්රිය සේවාව කාර්යක්ෂම් සේවාවක් කරන්න කටයුතු කරන බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය
පසුගිය දින දෙක තුළ සිදුවූ දුම්රිය අවලංගුවීම් බහුතරයකට හේතුව, දුම්රිය රියදුරන්ගේ කුඩා කණ්ඩායමක් කඩාකප්පල්කාරී සහ සැළසුම් සහගත ලෙස නිවාඩු ලබාගැනීමේ ක්‍රියාවක් නිසා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
ඒ අනුව, පසුගිය 25 වැනිදා දින දෛනික දුම්රිය ගමන්වාර 216කින් ගමන්වාර 38ක් අවලංගු වී ඇති අතර, ඉන් ගමන් වාර 35ක් අවලංගු වී ඇත්තේ දුම්රිය රියදුරන් නිවාඩු ගැනීම නිසා බවයි ඔහු සඳහන් කළේ.
ඊයේ (26) උදෑසන අවලංගු වූ දුම්රිය 15ක් අවලංගු වී ඇත්තේ ද එම හේතුව නිසා බවද, මේ හේතුවෙන් රාජකාරී සඳහා පැමිණෙන මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූ බවද පැවසුවේය.
මෙය දේශපාලන අරමුණිකින් සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්, එය සිදුකළ අය කවුරුන්දැයි නම් වශයෙන් හඳුනාගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
අදාළ නිවාඩු ලබාගත් රියදුරන්ගෙන් නිදහසට කරුණු විමසන අතර, සති දෙකක් හෝ දුම්රිය ධාවනය නවත්වා මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ
තවදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය ඇමතිවරයා ,
වීඩියෝව නරඹන්න