වතුකරයේ වත කම්කරුවන් තම නිවාස වල ආරක්ෂාවට සහ සුරතලයට ඇති කරන සුනඛයින්ව කදුකරයේ වෙසෙන කොටියන් විසින් ගොදුරු බවට පත් කර ගැනීමේ ප්රවණතාවය වැඩි වී ඇති බව වතුකම්කරුවන් කියා සිටියි.
ගිනිගත්හේන ප්රදේශයේ වතු යායක නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ වෑන් රථයක් ඉදිරිපිට නිදාගෙන සිටි සුනඛයන් දෙදෙනෙකුගෙන් එක් සුනඛයෙකු කදුකර කොටියෙකු විසින් ගොදුරු පිනිස රැගෙන යන අයුරු එම නිවසේ සවි කර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුණි.
තේවතු ආශ්රිතව වෙසුනු වල් ඌරන් වෛරසයක් හේතුවෙන් මිය යෑමෙන් පසු කදුකර කොටියන්ට ගොදුරු සොයා ගැනිමට නොහැකි නිසා කදුකර කොටියන් වතු ආශ්රිත ප්රදේශවලට පැමිණ සුනඛයින් දඩයන් කිරිමේ ප්රවණතාවයක් ඇති බවත්, සුනඛයන් ඇති කිරිමේදි රාත්රී කාලයේදි ආරක්ෂිත කුඩුවක දමා ඇති කරන ලෙසයි වනජීවි නිළධාරින් ඉල්ලා සිටින්නේ.
