Spread the love


ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා ඊයෙ (10) කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් මාධ්‍යවෙත අදහස් දක්වමින් පවසා සිටියේ නීතිය කාටත් සමාන බවයි,

හිටපු ජනාධිපතිවරු, ඇමතිවරු, මන්ත්‍රීවරු හෝ නිලධාරීන් වරදක්කර ඇත්නම් නීතිය හමුවට පමුණුවන බවත් ඒ සඳහා දේශපාලන මැදිහත්වීමකින් තොරව පරීක්ෂණ සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

තවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උපාලි පන්නිල මහතා සඳහන් කළේ කපිල චන්ද්‍රසේන මහතා සාක්ෂි කරුවෙකු නොවන බවත් ඔහු නඩු කටයුක්තක චූදිතයෙක් බැවින් ආරක්ෂාවක් ලබාදිය නොහැකි බවත් යම් හෙයකින් ඔහු ආරක්ෂාවක් ඉල්ලාසිටියේනම් ලබා දීමට හැකියාවක් පවතින බවයි. එමෙන්ම කපිල චන්ද්‍රසේන මහතා මරණයට පත්වීමේන් ඒයා බස් ගණුදෙනුවේදී සිදූවී ඇතැයි කියන වංචාවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී රාජපක්ෂලාට වාසි වන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ජාතික ජන බලවේගය රජයට ජනතාව බලය දී ඇත්තේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බැවින් කිරිම ආකාරයෙන් පරීක්ෂණ කටයුතු සඳහා දේශපාලන මැදිහත්වීමක් නොකරන බවයි.