Spread the love

උතුරු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකියි

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශා වලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක පමණ වන අතර, පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 60ක් දක්වා ඉහළ යා හැකියි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යාහැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.