නිමල් රාජපක්ෂ
‘
සියඹලන්ගමුව ‘කාවන්තිස්ස’ ඇතාගේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් අද (09/25) දිනයේදීත් අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදුකරමින් සිටියි.
ඊයේ දිනයේදී වෛද්‍ය පුබුදු ප්රමුඛ කණ්ඩායමක් විසින් ඇතාට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ සහ වේදනා නාශක ප්‍රතිකාර ලබාදී ඇති අතර, අද දිනයේදී ද වෛද්‍ය ඉසුරු ප්රමුඛ වනජීවී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබේ.
වර්ෂාව ඇතුළු දුෂ්කර තත්ත්වයන් මධ්‍යයේ වුවද, කාවන්තිස්ස ඇතාගේ ජීවිතය රැකගැනීම වෙනුවෙන් වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් කැපවීමෙන් කටයුතු කරති.
මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය පශු වෛද්‍ය අධ්‍යක්ෂක ගංගා මහත්මියගෙන් සිදුකළ විමසීමකදී ඇය පැවසුවේ ඇතාට ලබාදෙන ඖෂධ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, අවශ්‍ය හදිසි ප්‍රතිකාර හෝ වෙනත් වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ නිලධාරීන් සූදානමින් සිටින බවත්ය
පරිසර අමාත්‍යතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ඇතාගේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති අතර, අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීමට කටයුතු කරමින් සිටීයි.
