Spread the love


වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පසුගිය දා ඊ යේ ( .26) කොළඹ වරාය maritime facility ගොඩනැගිල්ලේ ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
මේ වන විට නියමිත කාලයට වඩා වසර දෙකක් පමණ පමා වී ඇති මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මන්දගාමී බව නිරීක්ෂණය විය.
අනතුරුව ක්‍රොන්ත්‍රාත් සමාගම් නියෝජිතයින් සමග සාකච්ඡා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා , මන්දගාමී වී ඇති ඉදිකිරීම් කටයුතු වේගවත් කර ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, වෘත්තීය සමිති නියෝජිතවරු සහ අමාත්‍යාංශ නිලධාරිහු සහභාගි වූහ.