යාපනය දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව කෝපායි පොලීසිය තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.
එම පොලිස් ස්ථානය සිවිල් වැසියන් 08 දෙනෙකුට අයත් නිවාස 08 ක පවත්වාගෙන ගොස් ඇති අතර, එම නිවාසවලින් 07 ක් නැවත එම පුද්ගලයන්ට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, අද (15) දිනයේදී පිස්කල්වරයා විසින් එම නිවාස හිමිකරුවන්ට ලබාදී ඇති බව සඳහන්.
ඒ අනුව, කෝපායි පොලීසිය විසින් භාරගත් පැමිණිලි, තාවකාලිකව යාපනය පොලීසිය විසින් භාරගන්නා අතර මේ වනවිට ආරක්ෂක හේතුන් මත කෝපායි පොලිසියේ අවි ගබඩාවද යාපනය පොලීසියට රැගෙන ගොස් තිබෙනවා.
තවත් මාස දෙකකින් පමණ කෝපායි පොලීසිය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
