Spread the love

ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) පෙරවරු 08.30 සිට පස්වරු 08.30 දක්වා විදුලිය අත්හිටුන බැවින් පැය 12ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම් අක්ෂිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, පැලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක / සිදුව නගර සභා බල ප්‍රදේශ සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත.

එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් ජල සැපයුම අත්හිටුවිමට සිදුවෙයි..