Spread the love

නිමල් රාජපක්ෂ

වරකාපොළ, ගලපිටමඩ ප්‍රදේශයේ රක්ෂිතයක මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් වටලා රුපියල් ලක්ෂ හතරක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගරයේ තිබී ගෝඩා මිලි ලීටර් 360000 ක් , කසිප්පු ස්පීතු මිලි ලීටර් 1025 ක් දගරදෙකක් , බැරල් ඇතුළු , පෙරණ උපකරණ තොගයක් සොයා ගත් බව මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ටයිටස් විජේවර්ධන මහතා පවසයි.
සැකකරුවන් රක්ෂිතයේ දිය පාර්වල් හරස් කරමින් මත්පැන් නිෂ්පාදනය කර ඇති අතර එම ජලපහරටම අපවිත්‍ර ජලය මුදාහැරිමින් මත් ජාවාරම සරුවට කරගෙන ගොස් ඇතැයිද සුරාබදු නිලධාරින් අවධාරණය කර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරියේදී වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, මහනුවර සුරාබදු අධිකාරී ජානක පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ, මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ටයිටස් විජේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂක චන්දන ,සුරාබදු සැරයන්(738) රාජපක්ෂ, සුරාබදු කෝප්‍රල්වරුන් වන (776) ෂෙල්ටන් ,(841)නිශාන්ත, (1139)නවරත්න ,සුරාබදු නියාමක (1129) දිනේෂ් , සහ සුරාබදු රියැදුරු රවිඳු යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.