Spread the love

බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය නොවැම්බර් මස 21 වන දින දක්වා දීර්ඝ කලබව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ගබඩාව වෙත එම ගිනිඅවි ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දුන්නේය.

මේ දක්වාත් ගිනිඅවි ලබානොදුන් පිරිස් සඳහා එම ගිනිඅවි යළි ලබාදීමට මෙලෙස කාලය දිර්ඝ කිරීමක් සිදුකර ඇති බව වාර්තා වේ.