පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහාතකට පෙර අත්සන් තබා ඇත.
ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය.
මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය.
නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබේ.


