රට තුළ විවිධ ස්ථානයන්හි ඉදිකර ඇති ජනාධිපති මන්දිර මහජන සේවාවන් වෙනුවෙන් යොදා ගැනීමට රජය අපේක්ෂා කරයි.
ඒ අනුව නුවරඑළිය කතරගම මහනුවර අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ඇති ජනාධිපති මන්දිර ඒ වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වෙයි.
රාජකාරී කටයුත්තකට ජනාධිපතිවරයාට කොළඹින් බැහැරවීමට සිදුවුවහොත් ඔහුට ස්ථානයක් වෙන් කරගත හැකි බව රජයේ අදහසයි.
විශාල මුදලක් වැය කරමින් මෙවන් මන්දිර නඩත්තු කිරීම අපරාධයක් බවද පෙන්වා දෙයි.
