Spread the love

නිමල් රාජපක්ෂ

හම්බන්තොට බදගිරිය තම්මැන්නාව වැව් රක්ෂිතයේ පවත්වාගෙන ගිය නීති විරෝධී කැනබීස් සැටයිවා හෙවත් ගංජා හේනක් වටලා සැකකරුවන් දෙදෙනකු හම්බන්තොට සුරාබදු නිලධාරීන් ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත.


ඉතා රහසිගතව වගා කර තිබු ගංජා හේනේ අඩි හයහමාරක් පමණ උසට සරුවට ගංජා ගස් වැවි තිබු බවත් වගාව සදහා ඩිප් ඉරිගේෂන් ක්‍රමයට පැල සදහා වතුර යොදා ගෙන තිබු බවත් සුරාබදු නිලධාරීන් පැවසුහ.


සුරාබදු නිලධාරින් ගංජා වගාව වටලන අවස්ථාවේත් ගස් සරුවට වැවී තිබු අතර තව සතියක් පසුවුයේනම් කපා අලෙවි කිරීමට සුදානමින් සිටි බවද සැකකරුවන් සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබිණ.


වගාවේ තිබු ගංජා පැල 2767 මුලින්ම ගලවා ගිනි තබා විනාස කිරිමට සුරාබදු නිලධාරීන් පියවර ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේම ඉදිරි පත් කල අතර මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් දස දහස බැගින් රුපියල් විසිදහසක දඩ මුදලක් හා මාස හයකට අත්සිටවු සිරදඩුවමක්ද නියම කළේය.


දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් මත, හම්බන්තොට සුරාබදු අධිකාරී බුද්ධික චමින්ද මහතාගේ අධීක්ෂණයෙන් , හම්බන්තොට සුරාබදු ස්ථානාධිපති ලයනල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් හා සහභාගිත්වයෙන්, ලද තොරතුරකට අනුව සුරාබදු පරීක්ෂක මාධව පුංචිහේවා,සුරාබදු සැරයන් 974 සමන්ත,සුරාබදු නියාමක 1294 අංජුල,සුරාබදු නියාමක රියදුරු ප්‍රසන්න යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.

වීඩියෝව නරඹන්න