නිමල් රාජපක්ෂ-
‘සුක්කානම පිටුපස නිරෝගී රියදුරෙක්’ යන සංකල්පය අනුව, කායික හා මානසික යෝග්‍යතාවයෙන් සපිරි රියදුරෙකු බිහිකිරීම සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සතු කාර්යභාරය බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙහි සභාපතිණි , වෛද්‍ය අරෝශා විද්යාභූශන මහත්මිය පැවසුවාය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ පවතින ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිණිය එසේ පැවසුවේ හම්බන්තොට සහ මාතර පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දිස්ත්‍රික් ශාඛාවන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වු අවස්ථාවේදීය.

, වෛද්‍ය අරෝශා විද්යාභූශන මහත්මිය වර්තමානයේ රටේ උග්‍ර ගැටළුවක් ව පවතින රිය අනතුරු සහ ඒවා වළක්වා ගැනීම පිළිබඳ සේවක මණ්ඩලය සහ සේවාලාභී රියදුරන් දැනුම්වත් කරමින් ,
‘සුක්කානම පිටුපස නිරෝගී රියදුරෙක්’ යන සංකල්පය අනුව, කායික හා මානසික යෝග්‍යතාවයෙන් සපිරි රියදුරෙකු බිහිකිරීම සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සතු කාර්යභාරයයි. රියදුරන්ගේ වගකීම් සහ ආකල්පමය පරිවර්තනය පිළිබඳව ද මෙහි දී ඇය විසින් අදහස් දක්වන ලදී.
වංචා සහ දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා වෘත්තීයමය වශයෙන් තෘප්තිමත් සේවක පිරිසක් බිහිකිරීමට ආයතනයක් ලෙස සිදුකළ යුතු කාර්යයන් සහ කැපවීම පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු විය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාතර දිස්ත්‍රික් ශාඛාව මේ වනවිට පෞද්ගලික ගොඩනැගිල්ලක කුලී පදනම මත පවත්වාගෙන යනු ලබයි. නව රජයේ ප්‍රතිපත්තිය අනුව, එය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්, දැනට ප්‍රයෝජනයට නොගෙන පවතින ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීම සඳහා අමාත්‍යංශ ලේකම්තුමාගේ අනුමැතිය ලැබී ඇති බැවින් එම ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීම ද සභාපතිතුමිය විසින් සිදු කරන ලදී.
මේ අවස්ථාවට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීහු පිරිසක්ද එක්වූහ.
