Spread the love

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලින් 78ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 326ක් තුවාල ලබා ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් මියගිය හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් ඉරාන රජය මේ වන තෙක් තහවුරු කළ ප්‍රකාශයක් සිදුකර නොමැත.

ඉරාන මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය මෙම තොරතුරු වාර්තා කළේය.