Spread the love

නිමල් රාජපක්ෂ


තනමල්විල අලුත්ගොඩ ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ නීති විරෝධී ලෙස වගාකර තිබු ගංජා හෙනක් වටලා එක් සැකකරුවකු දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.


ගංජාහේන නිවසියාගේ නිවස ආසන්නයේම අක්කර කාලක භූමි භාගය ක වගාකර තිබු අතර කිසිවකුට නෙපෙනෙන අයුරින් ඉටිකොල ගසා වටකර තිබු බව සුරාබදු නිලධාරීන් පවසයි.


මාස එකහමාරක් පමණ වයසති ගංජා පැල 7500 ක් පමණ එහි තිබී උදුරා ගිනි තබා විනාස කිරිමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (31)වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ .පේමරත්න මහතාගේ උපදෙස් මත , දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී පී..එන් .හේමන්ත මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරික්ෂක ධම්මික හතුරුසිංහ, කෝප්‍රල් වරුන්වන 1158 ජීවත්න ,1189 සේනාරත්න නියාමක රියදුරු සුපුන් යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.