Spread the love

බස්නාහිර පළාතේ සියලු මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචිය අනිවාර්ය කිරීමත් සමග ඒ සඳහා වෙබ් අඩවියක් හඳුන්වාදීමට බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කර තිබේ.

ඒ අනුව https://wptaxi.net/ යන වෙබ් ලිපිනයට පිවිස ඒ සඳහා ලියාපදිංචි වීමේ පහසුකම මේ වන විට ත්‍රිරෝද රථ රියදුරන්ට හැකියාව ලැබෙනු ඇත.

බස්නාහිර පළාතේ සියලු මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර මගී අවසර පත් නිකුත් කිරීම නැවත ආරම්භ කළ බව එම අධිකාරියේ ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා සඳහන් කළේය.

සියලුම ත්‍රිරොද රථ ඉහත සඳහන් වෙබ් අඩවියට පිවිස තොරතුරු ඉදිරිපත් කළ හැකි බවත් ඒ අනුව එම මොහොතේම අදාල ත්‍රිරොද රථ මහතුන්ට මේ සඳහා වේලාවක් ලබා දෙන බවත් එම වෙලාව අනුව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ලියාපදිංචි වීමේ පහසුකම් සලසා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.