නිමල් රාජපක්ෂ –
මතුගම ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී තීරු බදු නොගෙවා මෙරට ගෙන්වන ලද manchester වර්ගයේ සිගරැට් 6000 ක් සමගින් එක් සැකකරුවකු දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
විසිපස් හැවිරිදි සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණි ඇති අතර මෙම සිගරුට් ජාවාරම් කිරීම සදහා රැගෙනආ බවට තොරතුරු අනාවරණ්ය වි තිබේ.
අත්අඅඩංගුවට ගත් සැකකරු ඉදිරියේදි මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන් .ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් , දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී පී.එන්. හේමන්ත මහතාගේ මෙහෙය වීමෙන් ,දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිල් ඒකනායක , සුරාබදු පරීක්ෂක දිසානායක , සුරාබදු මහ සැර යන් ලොකූ පිටිය, සුරාබදු කෝප්‍රල්වරුන්වන 1146 සජිත්, 1176 චානුක, සුරාබදු රියදුරු පුබුදු ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.
