නිමල් රාජපක්ෂ-
සීගිරියට පැමිණෙන විදේශිකයන් හට අලෙවි කිරීමට තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් ලක්ෂ දෙකක් වටිනා විදේශීය සිගරැට් තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ (22) මාතලේ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඅඩංගුවට ගත් සිගරැට් තොගයේ විදේශිය සිගරැට් 560 ක් තිබු බව මාතලේ සුරාබදු ස්ථානාධිපති ජානක අත්තනායක මහතා පැවසුවේය.
සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදී කාලයක් විදෙස් දුම්වැටි ජාවාරම සිදු කරන බවත්, සීගිරියට පැමිණෙන විදේශිකයින් වැඩි පිරිසක් මෙම සිගරැට් මිලදී ගැනිමට පුරුදුවී ඇති බවත් හෙලීවී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු හෙට (24 ) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සහකාර සුරාබදු කොමසාරිස් ( මධ්‍යම පළාත) තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, මාතලේ සුරාබදු අධිකාරි නන්දන පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ , මාතලේ සුරාබදු ස්ථානාධිපති ජානක අත්තනායක මහතාගේ මෙහෙය වීමෙන් , සුරාබදු පරීක්ෂකවරුන්වන උදාර සෝමරත්න , රන්දෙණිය, සුරාබදු කෝප්‍රල්වරුන්වන 887 අලවිස් , 1151 මල්ලව, සුරාබදු නියාමක රියදුරු සරත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
