Spread the love


නිමල් රාජපක්ෂ

සිංහල අවුරුදු සමය වෙනුවෙන් සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා දියත් කල විශේෂ ගහන වැඩසටහනට සමගාමීව සබරගමුව , මධ්‍යම , ඌව යන පලාත් තුනෙහි සිදු කල සෝදිසි මෙහෙයුම් වලින් රුපියල් ලක්ෂ හයක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුන් 42 දෙදෙනකු මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 11 ක් , ගෑස් සිලින්ඩර් , බැරල් දගර 11 ක් , කසිප්පු ළග තබාගෙන සිටිි සැකකරුවන් 26 ක්,විදෙස් සිගරැට් ලග තබා ගෙන සිටි 3 ක් හාබලපත්‍ර නොමැතිව රටබීම ජාවාරමේ නිරත සැකකරුවන් 2 අත්අඩංගුවට ගත් බව මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ටයිටස් විජේවර්ධන මහතා පවසයි.

වීඩියෝව නරඹන්න

මෙම සිංහල අවුරුදු ග්‍රහන වැඩ සටහන මේ මස 2 සිට 11 වැනිදා දක්වා ක්‍රියාවට නැංවුහ. එහිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර ඉදිරියේදී අදාල මහේස්ත්‍රාක් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, මහනුවර සුරාබදු අධිකාරී ජානක පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ, මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක ටයිටස් විජේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂකවරුන් වන චන්දන, හේමාල්, සුරාබදු සැරයන්වරුන් වන 869 පාලිත ගුණරත්න, 738 රාජපක්ෂ, සුරාබදු කෝප්‍රල්වරුන්වන776 ශෙල්ටන් ආනන්ද, 841 නිශාන්ත, 897 අසංක බංඩාර, 979 ඩංඩාර, 985 රෝහන, 1053 සංඛ, 1139 ධනුෂ්ක, කාන්තා සුරාබදු කෝප්‍රල් 76 ශානිකා, සුරාබදු නියාමක 1129 දිනේෂ්, සුරාබදු රියදුරුවරුන් වන රෝහන සහ බුද්ධික යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.