Spread the love

ජන හා සංඛ්‍යාලේඛන දත්තවලට අනුව රට තුළ කිසිදු හාල් හිඟයක් ඇති විය නොහැකි බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යා පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර පවසයි.

ඒ අනුව පසුගිය කාලයේදී යල කන්නයෙන් සහ මහ කන්නයෙන් ලබාගත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 44,000 ක් රට තුළ පැවතිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

රටේ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24 ක් පමණක් බවත්, පවතින සංඛ්‍යාලේඛ​න අනුව ඒවා රට තුළ තිබෙන බවද ඔහු සඳහන් කළේය.

පවතින සහල් ඒකාධිකාරයට පැවති කිසිදු රජයකින් පිළියම් යෙදීමට කටයුතු නොකළ බවත්, වී අලෙවි මණ්ඩලය පසුගිය කාලය පුරාවටම වී මිලදී නොගැනීම සහ අදාල බලධාරින් වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් රට තුළ මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවයි මහාචාර්ය අරුණ කුමාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.