Spread the love

නිමල් රාජපක්ෂ –

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් ක්‍රියාවලිය පහසු කිරීම, විධිමත් කිරීම සහ කාර්යක්ෂම කිරීම යන මූලික අරමුණු මුල් කරගනිමින් නිර්මාණය කරන ලද DSTMS (Dentel Surgen Transfer Management System) නව ඩිජිටල් යෙදුම (APP)  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (03) පෙරවරුවේ නිල වශයෙන් එළිදක්වන ලදී.

රුපියල් මිලියන 10කට අධික මූල්‍ය වටිනාකමකින් සමන්විත ඩිජිටල් යෙදුම හා ඊට අදාළ ඩිජිටල් පද්ධතිය ප්‍රජා සත්කාරයක් ලෙස BISTEC GLOBAL ආයතනය මගින් නොමිලේ නිර්මාණයකර  දී ඇති අතර එම පද්ධතියේ හිමිකාරීත්වයද එම ආයතනය මගින්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමටද  පියවර ගෙන ඇත.

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කටයුතුවලදී එම නිලධාරීන්ගේ පත්වීම් දිනය, පළමු ශ්‍රේණියට උසස් වූ දිනය, විශේෂඥ ශ්‍රේණියට පත්වූ දිනය වැනි විශාල ලේඛන සහ දත්ත ප්‍රමාණයක් පරිශීලනය කිරීමට සිදුවේ. ඊට අමතරව එම නිලධාරීන් එකම සේවා ස්ථානයක කොපමණ කාලයක් සේවය කලේද, විශේෂිත තනතුරු සදහා සුදුකම් ලබා ඇත්තේද, වැනි කරුණු ද සැලකිය යුතුව ඇත. මෙම සංකීර්ණ ක්‍රියාදාමය සදහා ඉතා විශාල කාර්යාලීය වේලාවක් ගතවන අතර අත්වැරදීම් සිදුවීමටද හැකියාවක් ද පවති.