Spread the love

රුපියල් දහ තුන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් දහසක් පමණවටිනා මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ මගීන් දෙදෙනෙකුටමත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අද අළුයම අත්අඩංගුවට ගෙන ඇත

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ තොගේ තිබී කුෂ් හ්ෂිස් යන මත්ද්‍රව්‍ය සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් වී ඇත

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 394ක් (පැකැට් 10) සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 912ක ප්‍රමාණයක් (පැකැට් 18ක්) සොයා ගෙන ඇත.

මොවුන් අද (25) අලුයම 04.00ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ගුවන් මගීන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.