Spread the love

මාලන් විතාන –

ශ්‍රී ලාංකික ජනතාවට ආරක්ෂිත, ගුණාත්මක, ඵලදායී හා දැරිය හැකි මිලකට ඖෂධ අඛණ්ඩව සහ කඩිනමින් ලබාදීම සඳහා කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු හා නවීන අවශ්‍යතාවන්ට අනුකූල නියාමන පද්ධතියක් තවදුරටත් ශක්තිමත් කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ වගකීමක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ (Sri Lanka Chamber of the Pharmaceutical Industry – SLCPI )  65 වන වාර්ෂික මහා සභා සැසිවාරයට  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

සැසිවාරය  ඊයේ (03) පස්වරුවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී  පැවැත්විණි.

ඖෂධ යනු සාමාන්‍ය වෙළඳ භාණ්ඩයක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සෑම ඖෂධයකම පිටුපස සුවය අපේක්ෂා කරන රෝගියෙකුත්, තම ආදරණීයයන්ගේ ජීවිත පිළිබඳ බලාපොරොත්තු තබා සිටින පවුලකුත්, ජීවිත රැකගැනීම සඳහා කැපවන සෞඛ්‍ය වෘත්තිකයන් සිටින බව ද අවධාරණය කළේය.