Spread the love

නිමල් රාජපක්ෂ

දුම්රිය දෙපාර්තුමේන්තුවේ පුරප්පාඩු 3500 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බැවින් ප්‍රථම අදියරේදී මේ මාසය තුළ අලුනින් සේවකයින් 1405 ක් බදවා ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග වරාය සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් එස් .පී. විතානගේ මහතා පවසයි.
මෙසේ පුරප්පාඩු පුරවන්නේ විභාග දෙපාර්මේන්තුව මගින් මීට සති කිහිපයකට පෙර විභාගය ලියා සමත්වු අයයි. තවත් කොටසකටගේ විභාග ප්‍රථිපල නිකුත් වීමට නියතයි. එම ප්‍රථිපල ලැබුණු විගස බදවා ගැනීටම නියමිතයි.
ඒ අනුව දුම්රිය රියදුරු 92 ක්,නියාමක 73 ක් , තාක්ෂණ ශිල්පීන් 384 ක් බදවා ගන්න කටයුතු කරනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන් 106 කගේ හා අධික්ෂණ කළමනාකරන නිලධාරින්ගේ 157 පුරප්පාඩු තිබෙන බැවින් හැකි ඉක්මනින් මෙම තනතුර පිරවීමට කටයුතු කෙරේ
විභාගය ලිය සමත් අයගෙන් මේ වනවිට තාක්ෂණ ශිල්පීන් කිහිප දෙනෙකු බදවා ගත් අතර ඉදිරියේදීඉතිරි පුරප්පාඩුව සම්පුර්ණයෙන් පිරවීමට හැකිවන බවද පැවසුවේය.
2019 වසරේ විභාගය ලියා සමත්වු අයගෙන් 2000 ක් පසුගියදා රාජය පරිපාලන අමාත්‍යංශය මගින් කළමණාකරන සහකාර පත්වීම් ලිපි ප්‍රදානය කල අතර එයින් කළමනාකාර සහකාර නිලධාරීන්ගෙන් 100 දෙනෙකුදු දුම්රිය දෙපාර්තුමේන්තුවට ලබාදි තිබිණ.
මීට අමතරව දැනට දුම්රිය දෙපාර්තුමේන්තුවේසේවය කරන අයගෙන් රියදුරුන් 30 කුද , රියදුරු සහායක ශ්‍රේණිය සදහා 100 ක් දුම්රිය දෙපාර්තුමේන්තුව ඇතුළතින් බදවා ගැනීමට කටයුත කෙරේ.
නැතතත් මේ මාසයේ 5 වැනිදා කළමණාකාර සේවා නිලධාරීන් බදවා ගැනීම සදහා විභාගය පැවත්වුවා .විභාගය සමත්වු අයගෙත් තවත් 2000 ක් කළමණාකරන සේවයට බදවා ගැනීමට කටයුතු කරන බවද එස්.පී. විතානගේ මහතා පවසයි