නිමල් රාජපක්ෂ –
දිට්වා සුළි කුණාටුවෙන් හානී වූ උඩරට මාර්ගයේ මේ වන විට නානුඔය සිට අඹේවෙල දක්වා දුම්රිය මාර්ගයේ පිලිසකර කිරීමේ කටයුතු මේ වන විට අවසන් කිරීමට හැකිව ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ අනුව උඩරට මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා කොටසේ දුම්රිය ගමනාගමන කටයුතු මේ මස 20 වන දින සිට නැවත විශේෂ දුම්රිය කාලසටහනක් යටතේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව සැලසුම් කර තිබේ.
උඩරට මාර්ගයේ තව දුරටත් රඹුක්කන සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක හානී වූ මාර්ගයේ නඩත්තු කටයුතු සිදු වෙමින් ඇත.
